by Staff writer 05-02-2019 | 5:12 PM
COLOMBO (News 1st) - පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.
ඒ, ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුවයි.
මෙරට විශාලතම හොරොයින් ජාවාරම කොටුකර ගැනීම සඳහා නායකත්වය සැපයූ පොලිස් විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා අද විශ්‍රාම යාමට නියමිතව තිබිණි.
1979 වසරේ ජනවාරි මස 15 වන දා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්වූ ලතීෆ් මහතා සිය 40 වසරක පොලිස් සේවය තුළ විශේෂ කාර්ය බලකාය, ජාතික බුද්ධි සේවාව, අභ්‍යන්තර බුද්ධි ආරක්ෂක මණ්ඩලය ඇතුළු අංශ රැසකට සිය සේවාව ලබා දී තිබේ.
2016 වසරේ අප්‍රේල් මස 20 වන දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් වූ ඔහු එම වසරේ අගෝස්තු මස 19 වන දා සිට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවීම සඳහා එහි සේනා විධායක ලෙස පත්වීම් ලැබුවේ ය.
2017 වසරේදී අතිරේක වගකීමක් ලෙස මත්ද්‍රව්‍ය නාශක දිසාව හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය ද පිරි නැමෙන්නේ ඔහු රට වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙනි.
ඔහුගේ නායකත්වය යටතේ ගෙවුණු අවසන් මාස 10 තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000කට අධික ය.