ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත්

ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත්

by Staff writer 29-01-2019 | 1:06 PM
COLOMBO (News 1st) : මෙරට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමට ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 14 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 2018 ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උලෙල ප්‍රවර්ධන වැඩසටහන අද මොනරාගල මහානාම ජාතික පාසලේදී ආරම්භ විය. මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් බන්දු ගුණසේකර, මොනරාගල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ක්‍රීඩා ඩබ්ලිව් එම්. එන්. බණ්ඩාර , මොනරාගල මහානාම ජාතික පාසලේ විදුහල්පති පුංචි බණ්ඩාර යන මහත්වරුන් සමග සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලියාන්ස් ආයතනයේ නිලධාරීහු සහභාගී වුහ. මොනරාගල මහානාම ජාතික පාසලේ සිසුන් ඉදිරිපත් කළ විශේෂාංග කිහිපයකින් ද මෙම උත්සවය වර්ණවත් විය. මේ අතර මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බේස් බෝල්, පාපන්දු සහ රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන්නේ ය. මොනරාගල ජාතික පාසලේ ක්‍රිකට් ක්‍රීඩක විහාන් කලිඳු අද දිනයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් සම්මානය දිනා ගත්තේ ය. කතරගම ජනාධිපති මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩික දීලුප ප්‍රභාත් සහ එම පාසලේම මලල ක්‍රීඩකා චමෝද්‍යා ඉන්දීවරි පිළිවෙළින් එහි රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ. උත්සවයෙන් පසුව අපේක්ෂාවේ ගිනි සිළුව රැගත් චාරිකාව අම්පාර සිට මොනරාගල බලා ගමන් ආරම්භ කළේ ය. https://www.youtube.com/watch?v=2IMaT-woUC4