by Staff writer 26-01-2019 | 1:23 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ඉනිමක පරාජයෙන් බේරිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් රැස් කරගෙන සිටියේ ය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අද දිනයේදී සිය දෙවෙනි ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 139 ක් පමණි.
තරගයේ තුන්වන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා ප්‍රධාන ලකුණු පුවරුවට කිසිදු ලකුණක් එක්වීමට මත්තෙන් නායක දිනේෂ් චන්දිමාල්ව ලකුණු රැස් කරගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමට පැට් කමින්ස් සමත් විය.
කුසල් මෙන්ඩිස්ට රැස් කර ගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.
රොශේන් සිල්වා ලකුණු 3 කට දැවී ගියේ ය.
ධනංජය ද සිල්වා ලකුණු 14 කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න රැස් කළ ලකුණූ සංඛ්‍යාව 32 ක්.
නිරෝෂන් දික්වැල්ල සහා සුරංග ලක්මාල් ලකුණූ 24 බැගින් රැස් කළේ ය.
පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 22 ට කඩුලු 6 ක් දවා ගත් අතර ජායි රිචඩ්සන් කඩුලු 2 ක් දවා ගත්තේ ය.
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 ක්.
ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 323 ක් රැස් කළේ ය.