ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 9වන දිනටත්

ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 9වන දිනටත්

by Staff writer 24-01-2019 | 8:52 PM
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද 9 වන දිනටත් පැවැත්විණ. 2018 ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 9 වැනි දිනට පුදුකුඩිඉරිප්පු ජාතික පාසලෙන් ආරම්භ විය. ඊට පුදුකුඩිඉරිප්පු ජාතික පාසලෙ විදුහල්පති , උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් රාජසීලන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උමානිදි උවනරාජා මහත්මිය , මුලතිව් සහකාර පොලිස් අධිකාරී පර්සි මයිකල් , පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති එම් ජි චන්ද්‍රපාල, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලායන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය . ප්‍රදේශයේ පාසල් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඊට එක් වූ අතර සමාරම්භක උත්සවයට විචිත්‍රාංග රැසක් ද එක් කර තිබිණ. 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගයීම උදෙසා මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල එළඹෙන මාර්තු 29 වැනිදා රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි. අද පැවැති මුලතිව් දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටහනේදී එම ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපන්දු, රග්බි සහ බේස් බෝල් ක්‍රීඩා හඳුන්වා දුන්නේ ය. මේ අතර අද දිනයේ මුලතිව් දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් පදක්කම දිනා ගත්තේ පාඩියම්කුලම් මහා විද්‍යාලයේ බර ඉසීලීමේ ක්‍රීඩිකා ටී තර්ෂිකායි. පිළිවෙළින් පාලිගනර් මහා විද්‍යාලයේ ජූඩෝ ක්‍රීඩක ටී කපිල් රාජ් එහි රීදී පදක්කම දිනා ගත් අතර මුත්තු අයියන්කම්බු මිශ්‍ර පාසලේ එස් බිමල්ශන් තුන්වන ස්ථානය හිමිකර ගත්තේ ය. අනතුරුව ප්ලැටිනම් සම්මාන උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව ත්‍රිකුණාමලයට පැමිණි අතර එහීදී ප්‍රදර්ශනාත්මක ක්‍රීඩා තරග, සංගීත සංදර්ශන ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විණ. https://www.youtube.com/watch?v=iCOYJ3tvLgk