ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන 8 වන දිනටත්

ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී

by Staff writer 23-01-2019 | 9:05 PM
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 8 වැනි දිනටත් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණ. 2017 - 2018 වසරේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සංවිධානය කෙරෙයි. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමට ක්‍රියාත්මක ප්‍රවර්ධන චාරිකාව 8 වැනි දිනය සදහා අද ආරම්භ වූයේ කිලිනොච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලායන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි. එම ප්‍රවර්ධන වැඩසටහනේදී එම ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපන්දු, රග්බි සහ බේස් බෝල් ක්‍රීඩා හඳුන්වා දුන්නේ ය. රාමනාදන් දෙමළ මිශ්‍ර විද්‍යාලයේ බර ඉසිලීමේ ක්‍රීඩක එස්. දුර්ගා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ප්ලැටිනම් රන් පදක්කම අද දිනා ගත්තේ ය. https://www.youtube.com/watch?v=Z0SBzOwLmGc