ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත්

ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත්

by Staff writer 17-01-2019 | 2:11 PM
COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. දිවයිනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරමින් ඔවුන් තව තවත් දිරිගැන්වීම ප්ලැටිනම් සම්මාන ප්‍රධානයේ අරමුණයි. අද මෙම ප්‍රවර්ධන වැඩසහන ආරම්භ වූයේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙනි. ගම්පහ දිස්ත්‍රික් සෞන්දර්ය සහ ක්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ චමල්කා අතපත්තු, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඉරාන් සිල්වා, අලයාන්ස් සමාගමේ සහකාර අධ්‍යක්ෂ ඩිල්ෂාන් රොඩ්රිගෝ සහ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ. ප්ලැටිනම් සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන 20ක් සහ ඇගයීම් සම්මාන 10ක් පිරිණැමීමට නියමිතයි. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙලේ අනුග්‍රාහක ලෙස කටයුතු කරන්නේ, ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි. මෙම වැඩසටහන සමගාමීව ප්‍රදේශයේ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ප්ලැටිනම් සම්මාන ද ප්‍රදානය කෙරිණ. ගම්පහ දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් කෲස් පුල්ලේ ප්ලැටිනම් රන් පදක්කම දිනා ගත්තේ ය. එහි රිදී පදක්කම ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂානිට සහ ලෝකඩ පදක්කම කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ පී.වී. ජයතිලකට හිමි විය. https://www.youtube.com/watch?v=VUw2k_jRTjA