ක්‍රිකට් ප්‍ර. පුහුණුකරුගේ වැටුප ගැන දුන් පිළිතුර

ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ වැටුප පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දුන් අපූරු පිළිතුර

by Staff writer 17-01-2019 | 9:04 PM
COLOMBO (News 1st) - ලබන 7 වන දාට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන 21 වන දා දක්වා කල් දමා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නීතිපතිවරයාගේ උපදෙස් අනුව නෛතික අවශ්‍යතාව මත නිලවරණය සති දෙකක කාලයක් කල් දැමීමට තීරණය කළ බව ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ අපේක්ෂක මොහාන් ද සිල්වා මහතා සහභාගී වූ මාධ්‍ය හමුවක් අද පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුට ලබා දුන් අමෙරිකානු ඩොලර් 60000ක දීමනාව පිළිබඳව ද මාධ්‍යවේදීහු විමසීමක් කළහ.