by Staff writer 14-01-2019 | 8:07 PM
COLOMBO (News 1st) - ප්ලැටිනම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි.
ප්ලැටිනම් සම්මාන 2018 උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පස්වරුවේ පැවැත්විණි.
ප්ලැටිනම් සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය පියවර ගත්තේ ය.
මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල එළඹෙන මාර්තු 29 වැනි දා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත වේ.
ඒ, 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගයීම උදෙසායි.
ප්‍රධාන සම්මාන 20 ක්, ඇගයීම් පදක්කම් 10 ක් මෙවර පිරිනැමීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සුවිශේෂි ප්ලැටිනම් සම්මානය මෙවර ද පිරිනැමෙනු ඇති.
මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සඳහා ස්පෝට්ස්ෆස්ට් සමග අත්වැල් බැඳගන්නේ ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි.
ප්ලැටිනම් සම්මාන 2018 උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පැවැත් වූයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී ය.