වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක

වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක

by Staff writer 06-01-2019 | 1:55 PM

තරග 4 කින් සමන්විත ඉන්දීය - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද සිව්වන දිනටත් සිඩ්නි නුවරදී පැවැත්විය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිම කඩුලු 7 ක් දැවී ලකුණු 622 ක් රැස් කරගෙන සිටියදී අත්හිටවුවේ ය. සිය ටෙස්ට් දිවියේ 18 වන ශතකය වාර්තා කළ චේතේස්වර් පුජාරා ලකුණූ 193 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳි සිටි රිශාබ් පාන්ට් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 159 ක්. පන්දු යැවීමේදී නේතන් ලයන් ලකුණු 178 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 300 ක් පමණි. සිය ටෙස්ට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු මාකස් හැරිස් ලකුණූ 79 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් කඩුලු 5 යි. ඉනිමක පරාජයෙන් බේරිම සඳහා සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් අද දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 4 ක් අවසානයේ කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6 කි. ඔස්ට්‍රේලියාව සිය මව් රටේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයකදී ඉනිමක පරාජයෙන් බේරීමට සිය දෙවනි ඉනිම ක්‍රීඩා කරන්නේ වසර 30 කට පසුවවීම විශේෂත්වයකි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 10 ක් අතැතිව ලකුණු 316 ක් පිටුපසින් සිටි.