by Staff writer 22-12-2018 | 2:12 PM
COLOMBO (News 1st) : 2018 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR & FC කණ්ඩායම හා ශ්රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
තරගය රත්මලාන ගුවන් හමුදා ක්රීඩාංගණයේදී පැවැත්විණ.
ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙක ම ආක්රමණශිලී ක්රීඩා විලාසයක් අනුගමනය කළේ ය.
කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 14 ට 12 ක් ලෙස පෙරමුණ හිමිකර ගත්තේ ශ්රී ලංකා යුධ හමුදා කණ්ඩායමයි.
යුධ හමුදා ක්රීඩකයෝ උත්සහක දිනුම් 2ක් හා ප්රවර්ථන දෙකක් මගින් යුද හමුදා ක්රීඩකයෝ සිය ලකුණු 14 රැස් කළ අතර සී. ආර්. ක්රීඩකයෝ උත්සහක දිනුම් 2 ක් හා ප්රවර්ථනයක් මගින් සිය ලකුණු 12 රැස් කළහ.
තරගයේ දෙවන අර්ධය ද උණුසුම් මුහුනුවරක් ගත්තේ ය.
තරගයේ දෙවන අර්ධයේද සී. ආර්. ක්රීඩකින් උත්සහක දිනුම් 2 ක් හා ප්රවර්ථනයක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණූ 12 ක් එකතු තර ගත් අතර ප්රතිවාදී යුධ හමුදා ක්රීඩකයින් උත්සහක දිනුමක් , ප්රවර්ථනයක් හා දඩුවම් පහරක් මගින් ලකුණු 10 ක් තම ප්රධාන ලකුණූ පුවරුවට එකතු කර ගත්තේ ය.
ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුනේ දෙපිළම ලකුණු 24 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවෙමින් සිටියදීයී.