ජ.වි.පෙ. අතුරු සම්මත ගිණුමට විරුද්ධ වෙයි

ජ.වි.පෙ. අතුරු සම්මත ගිණුමට විරුද්ධ වෙයි

by Staff writer 21-12-2018 | 5:08 PM
අතුරු  සම්මත ගිණුම සම්මත කරගැනීම වෙනුවෙන් පැවැති විවාදයේ දී, තමන් විරුද්ධව ඊට ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ, මාස 4 ක් වැනි කෙටි කාලයකට, වෙන් කරන මුදල් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි. විවාදයට එක් වු ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ භාණ්ඩ මිල ඉහළ ගොස් තිබුණේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට පෙර සිටම බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ඉන් මිදීමට නොහැකි බව ද බිමල් රත්නායක මහතා සඳහන් කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සියලු දෙනා අතුරු සම්මත ගිණුමට විරුද්ධව තම ඡන්දය ප්‍රකාශ කළහ.