by Staff writer 21-12-2018 | 9:16 AM
COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සත්කාරක බංග්ලාදේශය ලකුණු 36ක ජයක් වාර්තා කළේ ය.
තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්විණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 4කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්.
ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 15යි.
ලිටන් ඩාස් ලකුණු 60ක් රැස් කළේ පන්දු 34කිනි.
ඊට 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඇතුළත් විය.
සෞම්‍යා සර්කර් ලකුණු 32යි.
නායක ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 42ක් රැස් කර ගෙන සිටියේ ය.
වේග පන්දු යවන ක්‍රීඩක ෂෙල්ඩන් කොට්රෙල් ලකුණු 38ට කඩුලු 2ක් දවා ගත්තේ ය.
බටහිර ඉන්දීය කොදෙව් පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 62කදී ය.
ශායි හෝප් ලකුණු 62ක් රැස් කළේ ය.
රොව්මන් පවෙල් ලකුණු 50යි.
බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.
ඒ අනුව පන්දුවාර 19යි පන්දු 2කදී එම කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 175කට දැවී ගියහ.
බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් ලකුණු 20ට කඩුලු 5යි.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය දෙපිළම තරගය බැගින් ජය ගෙන සම තත්ත්වයේ පසු වේ.