"අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා.."

"අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා.."

by Staff writer 26-11-2018 | 8:37 AM
ශ්‍රී ලංකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තම කණ්ඩායම මේ වන විට හොඳ තත්ත්වයක සිටින බවට එංගලන්ත ක්‍රිකට් උපනායක ජෝස් බට්ලර් පවසයි. ශ්‍රී  ලංකා - එංගලන්ත තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. ලකුණු 327ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 6ක් අතැතිව ලකුණු 274ක් පසු පසින් සිටී. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ එංගලන්ත ක්‍රිකට් උප නායක ජෝස් බට්ලර්... එය අපේ කණ්ඩායම ලබා ගත්ත ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. අපි මේ තරගය හොඳ තත්ත්වයකට ගෙනාවා. කියලා මං හිතනවා. අපේ පැත්තෙන් කණ්ඩායම පිළිබඳව කතා කළොත් අපිට මේ තත්ත්වයට එන්න අවශ්‍ය වුණා. පන්දුව යොදාගෙන මේ ආකාරයෙන් තරගයේ පීඩනයක් ඇති කරන්න අපි බොහෝම ඉවසීමෙන් කටයුතු කළා තරගය අද දිනයේත් සිරස TV සහ TV1 නාලිකා ඔස්සේ සජීව ලෙස විකාශය කිරීම සියලු කටයුතු සූදානම්.