by Staff writer 24-11-2018 | 10:48 AM
MAS ස්ලිම්ලයින් බොක්සිං සමාජය 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි අංශයේ ජය වාර්තා කර තිබේ.
එහි කාන්තා අංශයේ ජය වාර්තා කළේ, MAS යුනිචෙලා ක්රීඩා සමාජයයි.
ශ්රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්රීඩාංගණයේදී පැවැත්විණි.
බර පන්ති 10 කින් තරග පැවැති එහි විනිශ්චය කටයුතු සඳහා විදෙස් විනිසුරුවන් සිව්දෙනෙකු ද මෙවර එක් ව සිටීම විශේෂත්වයක් වනු ඇත.
කිලෝග්රෑම් 64 බර පන්තියෙන් තරග කළ යුද හමුදා බොක්සිං සමාජයේ සජීව මදුරංග දක්ෂතම ප්රහාරකයා ලෙස සම්මාන දිනූ අතර දක්ෂතම පරාජිතයා එම බර පන්තියෙන්ම තරග කළ පොලිස් ක්රීඩා සමාජයේ ධනංජය වීරසිංහයි.
මේ අතර පොලිස් ක්රීඩා සමාජයේ රශ්මිකා ශෙහානි දක්ෂතම පරාජිත ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගනිද්දී MAS යුනිචෙලා ක්රීඩා සමාජයේ නදීකා පුෂ්පකුමාරි දක්ෂතම ප්රහාරක ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා ය.
යුද හමුදා බොක්සිං සමාජය තරගාවලියේ පිරිමි සහ කාන්තා අංශ දෙකේම අනුශූරතාවයට හිමිකම් කීවේ ය.
MAS යුනිචෙලා ක්රීඩා සමාජය කාන්තා අංශයේ ශූරතාව දිනා ගත්තේ රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 4 ක් ද සමගිනි.
පිරිමි අංශයේ ශූරතාව දිනූ MAS ස්ලිම්ලයින් බොක්සිං සමාජය රන් පදක්කම් 4 කට සහ රිදී පදක්කමකට හිමිකම් කීවේය.