ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක්

ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක්

by Staff writer 24-10-2018 | 7:03 PM
News 1st : ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය. ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය විශාකාපට්නම්හිදී පැවැත්වේ. ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ලකුණු 10,000 සීමාව පසු කළේ, එම තරගයේදීයි. අද දිනයේදී එම කඩඉම පසු කිරීමට ඔහු ලකුණු 80ක් රැස් කළ යුතුව තිබිණ. ඔහු තරග 212කද ඉනිම 205කදී එම ලකුණු සීමාව පසු කළ අතර ඊට ශතක 36ක් සහ අර්ධ ශතක 49ක් ඇතුළත් ය. ඔහු තරග 212කද ඉනිම 205කදී එම ලකුණු සීමාව පසු කළ අතර  මීට පෙර අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 10000 සීමාව පසු කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ය.