කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී

කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී

by Staff writer 07-10-2018 | 11:45 AM

යූ. එෆ්. සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලිය ලයිට් වේට් කාණ්ඩයේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට වත්මන් ලයිට් වෙයිට් ශූර රුසියාවේ කබීබ් නමාගොමේඩොව් සමත් විය.

ඒ, ලයිට් වෙයිට් ශූරතාවය සඳහා පැවැති තරගයේදී හිටපු ලයිට් වෙයිට් ශූර අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමිනි. අමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැති යූ. එෆ්. සී ලයිට් වේට් ශූරතාව සඳහා වූ තරගයේදී අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර්ගේ ප්‍රතිවාදියා වූයේ රුසියාවේ කබීබ් නමාගොමේඩොව්. කෙසේ වෙතත් තරගයේ පළමු වටයේ සිටම පෙරමුණ හිමිකරගත්තේ සියාවේ කබීබ් නමාගොමේඩොව්. තරගයේ සිව්වන වටයේදී රුසියාවේ කබීබ් නමාගොමේඩොව්ගේ පහර හමුවේ අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් තරගයෙන් ඉවත් විය. ඒ අනුව තරගයේ සිව්වන වටයේ මිනිත්තු 3 යි තත්පර 3 ක් අවසානයේ සිය ලයිට් වෙයිට් ශූරතාව තවදුරටත් තමන් සතුකර ගැනීමට කබීබ් සමත් විණි. රුසියාවේ කබීබ් නමාගොමේඩොව් මෙම තරගයේදී අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර්ගේ පරාජය කිරීමත් සමග එය වාර්තා අතට එක්වුනේ ඔහු අඛණ්ඩව වාර්තා කළ 27 වන ජයග්‍රහනය ලෙසයි. පසුගිය අප්‍රේල් මස 7 වන දා අමෙරිකාවේ නිව්යොර්න් නුවරදී පැවැති තරගයේදී අමෙරිකාවේ ඇලෙක්ස්සැන්ඩර් ජේව පරාජය කරමින් කබීබ යු එෆ්. සී. ලයිට් වෙයිට් ශුරතාව දිනා ගෙන තිබේ.