by Staff writer 06-10-2018 | 12:25 PM
COLOMBO (News 1st) - එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය තිබූ දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කර තිබේ.
ඒ, තරගය පැවැත්වෙන කොළඹ පී සාරා ඕව්ල් ක්‍රීඩාංගණයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙනි.
මීට සුළු මොහොතනට පෙර තරගයේ ප්‍රධාන විනිසුරුවන් දෙපළ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමේ අනතුරුව මෙලෙස තරගය අතහැර දැමීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ඊයේ කණ්ඩායම් දෙක අතර පැවැති පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායාට අනුව ලකුණූ 43 කින් ජය ගැනීමට සමත් වුනේ සංචාරක එංගලන්ත කණ්ඩායමයි.
එක්දින ක්‍රිකට් තරග 5 ක්, පන්දුවාර විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් තරග තුනනික් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය එළඹෙන 10 වන දා ආරම්භ වේ.
ඒ, එක්දින ක්‍රිකට් තරගාවලියෙනි.
දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස එළඹෙන 10 වන දා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ය.
මෙවර එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ නිල රූපවාහිනී විකාශන කටයුතු සිදු කරන්නේ සිරස TV සහ TV1 ප්රමුඛ MTV මාධ්‍ය ජාලයයි.