එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට

එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට

by Staff writer 26-09-2018 | 6:16 PM
COLOMBO (News 1st) : එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්  කළේ ය. දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන එම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නොමැත. උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා, අමිල අපොන්සු සහ ලක්ෂාන් සඳකැන් අද නම් කළ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත් වෙති. මේ අතර කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ශෙහාන් මදුශංක සහ ජෙෆ්රි වැන්ඩර්සේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබේ. දෙරට අතර එක්දින තරගාවලිය ලබන 10 වන දා ආරම්භ වීමට නියමිතයි.