by Staff writer 28-08-2018 | 9:18 AM
COLOMBO (News 1st) : ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්රීඩා උළෙලේ 18 වන අදියර මේ දිනවල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ.
ක්රීඩා උළෙලේ තරග පැවැත්වෙන 10 වන දිනය වන අද ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් සිය අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතයි.
ශ්රී ලංකාවේ රුමේෂිකා රත්නායක කාන්තා මීටර් 200 ධාවන තරග ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී වන්නී ය.
ගයන්තිකා රත්නායක ශ්රී ලංකාව නියෝජනය කරමින් මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වේ අවසන් මහා තරගයට අද සහභාගී වීමට නියමිතයි.
පිරිමි මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසන් මහා තරගයට ශ්රී ලංකාවේ ඉදුනිල් හේරත් අද සහභාගී වේ.
ශ්රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ද අද සිය මූලික වටයේ තරගයක් සඳහා ප්රබල ඉන්දීය කණ්ඩායම සමග තරග බිමට පිවිසීමට නියමිතයි.
18 වන ආසියානු ක්රීඩා උළෙලේ තරග පැවැත්වු දින 9 ක් අවසන් වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ චීනයයි.
ඔවුන් රන් පදක්කම් 86 ක්, රිදී පදක්කම් 62 ක් හා ලෝකඩ පදක්කම් 43 ක් මගින් සමස්ත පදක්කම් 191 ක් දිනා ගෙන සිටී.
එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 43 ක් , රිදී පදක්කම් 36 ක් හා ලෝකඩ පදක්කම් 57 මගින් සමස්ත පදක්කම් 136 ක් හිමිකරගෙන සිටින ජපානයටයි.
සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානය කොරියාවට හිමිව ඇති අතර ඔවුන් දිනාගෙන ඇති පදක්කම් ගණන 106 කි.
ඊට රන් පදකක්ම 28 ක් රිදී පදක්කම් 36 ක් හා ලෝකඩ පදක්කම් 42 ක් ඇතුළත් ය.