COLOMBO (News 1st) - උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.මෙම පද්ධතිය අද දින බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ නැගෙනහිර-මධ්යම හා ඊට යාබද ගිනිකොණදිග ප්රදේශය හරහා ගමන් කරමින් ගැඹරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.ඒ අනුව හෙට දිනයේ මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවටත් 27 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රභල සුලි කුණාටුවක් ...