කරුක්කුමඩුව විද්‍යාලයට ගම්මැද්දෙන් පුස්තකාලයක්....

පුත්තලම, මහකුඹුක්කඩවල කරුක්කුමඩුව කනිෂ්ඨ විද්‍යාලයේ නව පුස්තකාලය ඉදිකිරීම සඳහා ගම්මැද්දෙන් අද මුල්ගල් තැබේ.

by Staff writer 27-11-2026 | 9:27 AM

COLOMBO(News1st) - ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙස පුත්තලම මහකුඹුක්කඩවල පල්ලම අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි කරුක්කුමඩුව කනිෂ්ඨ විද්‍යාලයේ නව පුස්තකාලය ඉදිකිරීම සඳහා අද(27) මුල් ගල් තැබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, පල්ලම අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි කරුක්කුමඩුව කනිෂ්ඨ විද්‍යාලය කියන්නේ ඉතා දුෂ්කර පාසලක්.

මෙම පාසලේ දරුවන් 130 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබනවා.

පාසලේ දරුවන්ට පුස්තකාලයක අඩුව කාලයක සිට පැවතුණා.

දැනට පොදුවේ භාවිත කෙරෙන ගොඩනැගිල්ලක තබා ඇති අල්මාරි කිහිපයක පාසලේ දරුවන් පොත් ගබඩා කර තිබෙනවා.

පල්ලම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා සහ පාසලේ විදුහල්පතිතුමා මේ ගැන ගම්මැද්දට කිව්වා.

ඒ අනුව මේ දරුවන්ට අලුත් බලාපොරොත්තුවක් අරන්, පුස්තකාලයක් සඳහා මුල් ගල තැබීම අද සිදු කෙරෙනවා.

මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙනුයේ නෙක්ස්ට් මැනුෆැක්චරින් පුද්ගලික සමාගමයි.
 

වෙනත් ලිපි