ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100ට වැඩි තද වැසි.

ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 100ට වැඩි තද වැසි.

by Staff writer 27-11-2026 | 9:30 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර දිස්ත්‍රික්ක 06 කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

දෙවන මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල,යටියන්තොට, රඹුක්කන, ගලිගමුව ,බුලත්කොහුපිටිය ,මාවනැල්ල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලටයි.

එමෙන්ම කළුතර ,මාතලේ ,රත්නපුර ,නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ රැසකටද නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

වෙනත් ලිපි