ADB බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය පහසුකමක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක්.

by Staff writer 27-11-2026 | 8:57 AM

COLOMBO(News1st) - ආසියානු සංවර්ධන බැංකුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ප්‍රදානය කිරීමට එකඟතාව පළකර තිබේ.

ඒ මෙරට දිළිඳු සහ අවදානම් තත්ත්වයේ සිටින පවුල්වල ආර්ථිකය නඟා සිටුවීමට සහ වැඩිහිටියන් රැකබලා ගැනීමේ සේවා දියුණු කිරීම වෙනුවෙනි.

එම ණය මුදලෙන් ඩොලර් මිලියන 50ක් සමාජ ආරක්ෂණ සහ සමාජ සත්කාර පද්ධති ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන්කෙරෙනු ඇති.

ඉතිරි ඩොලර් මිලියන 50, දිළඳු පවුල්වලට සහ වැඩිහිටියන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ උතුරු යන පළාත්වල වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන 5ක් අලුතින් පිහිටුවීමට එම ණය මුදල් යොදා ගැනීමට සැළසුම් කර තිබේ.

එමෙන්ම අන්ත දුගී, දුගී සහ අවදානම් තත්ත්වයේ සිටින පවුල් 30,000කට ආර්ථික වශයෙන් නැඟී සිටීමට පැකේජයන් කිහිපයක් හඳුන්වාදීමටද ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් යොදා ගැනෙනු ඇති

ඵලදායී ජීවනෝපාය ආයෝජනයක් සඳහා රුපියල් 200,000ක මූලික ප්‍රාග්ධන ප්‍රදානයක් එකඟතාව පළ කර තිබේ.

තෝරාගත් ජීවනෝපායට ගැළපෙන තාක්ෂණික, රැකියා සහ ව්‍යාපාරික පුහුණුවක්, සහ වෙළඳපොළ අවස්ථා, මූල්‍ය සේවා සහ රැකියා වෙත ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම යනාදිය ණය පහසුකමට ඇතුළත් වේ.

වෙනත් ලිපි