විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදයක්

by Nadeeshan Meedin 06-11-2026 | 10:48 PM

COLOMBO(News1st) - හෙට සහ අනිද්දා මාර්ගගත සහතිකපත්‍ර අයදුම් කිරිමේ සේවා ක්‍රියාත්මක නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

ඒ , අදාළ සේවාවට අදාළ තොරතුරු පද්ධතිය යාවාත්කාලින කිරීම හේතුවෙන්.

මේ අතර අධිකරණ රෙජිස්ට්‍රාර් සේවයේ III ශ්‍රේණිය සඳහා බදවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

​අධිකරණ සේවා කොමිෂන් සභාවේ www.jsc.gov.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිපල ලබා ගත හැකියි.

ඊට අදාල සම්මුඛ පරීක්ෂණ ලබන 14 වැනිදා කොළඹ 12, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේදී පෙරවරු 9.00 සිට පැවැත්වේ.