.webp)
 (1)-627406.jpg)
ඒ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙනි.
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා සුරක්ෂිත නිවාස ලබාදීම එම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කළේ ව්‍යාපෘතිය යටතේ එක් ප්‍රතිලාභී පවුලක් සඳහා රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්රතිපාදනයක් වෙන් කෙරෙන බවයි..
අදාළ මුල්‍ය ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 20ක්, ලක්ෂ 15ක් සහ ලක්ෂ 15ක් බැගින් අදියර තුනකින් ලබාදීමට සැලසුම් කර තිබේ.
එම නිවාස සඳහා වෙන් කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 05ක් වන අතර සෑම ප්‍රතිලාභී පවුලක් සඳහාම පර්චස් 10 බැගින් භූමියේ අයිතිය හිමිවනු ඇති.
