.webp)

නඩුව කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ, පසුගිය වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කළ බවයි.
ඒ අනුව සැකකරුවන්ට අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය බවද නීතිපතිවරයාට දන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම නඩුවේ 26 වන සැකකාර මහින්ද කහඳගම වෙනන් සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටියේ ය.
ඒ අනුව එම සැකකරු ඉදිරි නඩු දිනයේ බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ ය.
නඩුව පෙබරවාරි 3 යළි කැඳවීමට නියමිතයි.
