.webp)
-627253.jpg)
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් පැවසුවේ, අදාළ චෝදනාවට විත්තිකරු නිවැරදිකරු බවයි.
ඒ අනුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 02 වැනිදා පැවැත්වීමට මහාධිකරණය නියෝග කළේය.
මේ අතර අධිකරණය නියෝග කළේ, එම නඩුවෙන් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමටයි.
ඒ නඩු කටයුත්තකට සහභාගීවීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට කොළඹ අධිකරණ වෛද්‍යවරයා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මීට පෙර වෙනත් නඩුවකට අදාළව නිකුත් කර තිබූ නිර්දේශයකට අනුවයි.
2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ උපයා ගත් ආකාරය සනාථ කිරීමට නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදවල් සිදුකළේ යයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව ගොනුව තිබුණි.
