කොබෙයිගනේ පොලිසියේ නිලධාරින් 3කගේ සේවය අත්හිටුවයි

පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිස්ථානයේ නිළධාරින් තුන්දෙනෙකුගේ සේවය අත්හිටුවයි.

by Staff writer 30-10-2026 | 12:05 PM

COLOMBO(News1st) - පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිස්ථානයේ සැරයන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකු සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර් සඳහන් කළේ, ගම්වැසියන් විසින් සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු අල්ලා ගස්බැඳ පහරදී ඇති බවයි.

එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඔහු පොලීසියට රැගෙනවිත් රෝහල් ගත නොකර පොලිස්ථානයේ රඳවා තබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පසුව සැකකරු රෝහල් ගත කළද සැකකරු පසු දින මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙක්.

සැකකරුට ගස් බැඳ පහරදුන් බව කියන සිවිල් වැසියන් 05 දෙනෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්.