ගංජා සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයන් රේගු භාරයට..

තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ ගංජා සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට...

by Staff writer 28-10-2026 | 9:23 AM

COLOMBO (News 1st) - තායිලන්තයේ සිට මෙරටට සූක්ෂමව ගෙන ආ ගංජා සහ හෂීස් තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

ඒ ත්‍යාගයක් ලෙස මෙරටට ආනයනය කරන ලද මේසයක කොටස් ලෙස සකස් කළ සැකකටයුතු භාණ්ඩ කිහිපයක කළ පරීක්ෂාවකදී යි.

පරීක්ෂා කිරීමේදී එම කොටස්වල සඟවා රුපියල් මිලියන 24 ක් වටිනා ගංජා තොගයක් හා රුපියල් මිලියන 133 ක් වටිනා හෂීස් තොගයක් සිය භාරයට ගත් බව රේගුව ප්‍රකාශ කළේ ය.

ඒ සම්බන්ධයෙන් 29 හැවිරිදි  රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය වෙත භාර දීමට පියවර ගත් බව රේගුව ප්‍රකාශ කළේ ය.