කාවන්තිස්ස ඇත් රජුනි, ඔබට සුබ ගමන්!

ලාංකීය හස්ථිරාජ වංශයේ කිරුළුපළන් කාවන්තිස්ස ඇත් රජුනි, ඔබට සුබ ගමන්!

by Staff writer 16-10-2026 | 10:21 PM

COLOMBO(News1st) - වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටී කාවන්තිස්ස ඇතා අද පස්වරුවේ මිය ගියේය.

කාවන්තිස්ස , මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්‍රකටයි.  

කාවන්තිස්ස ඇතා අද(16) පෙරවරුවේ සොයාගනු ලැබුවේ සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්‍රදේශයක පිහිටි වෙල්යායක වැටී සිටියදීයි.

ඊයේ දිනයේදී ප්‍රතිකාර කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව කාවන්තිස්ස ඇතා එම ස්ථානයේ ඇද වැටී තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා පැය 24 පුරා ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටියේය.

වෛද්‍ය ප්‍රතිකාර හමුවේ ඇතාගේ වෙඩි වැදුණු තුවාලය සුව අතට හැරි තිබුණ ද ආහාර නොගැනිම හේතුවෙන් එම සත්ත්වයා විජලන තත්ත්වයකට පත්ව යළි දැඩි අසාද්‍ය තත්ත්වයට පත්ව තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇත්තේ කාවන්තිස්ස ඇතාගේ ඉදිරිපස දකුණු පාදයටයි.  

අද රාත්‍රියේ ඇතාගේ අවසන් කටයුතු පිළිබඳ සාකච්ඡා කරන බව, වනජිවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ සඳහන් කළේය.