.webp)

පොලීසිය පැවසුවේ, බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මරණකාරියගේ අනියම් පුරුෂයා විසින් ඇයට සහ ඇගේ මවට තියුණු ආයුධයකින් පහදී ඇති බවයි.
අදාළ කාන්තාවන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක්.
අදාළ ඝාතනය සිදුකළ 23 හැවිරිදි පුද්ගලයා දුම්රියට පැන ඊයේ රාත්රියේ සියදිවි හානි කරගෙන තිබේ.
මේ අතර මීගමුව වෑබඩ ප්රදේශයේදී කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනය කර ඇත්තේ, 39 හැවිරිදි දෙමංහන්දිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
