.webp)
 (1)-625271.jpg)
ඒ ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 70ක් ලබාගත් බවට වන චෝදනාවට අදාළව අල්ලස් කොමිසම පැනවූ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ප්‍රගතිය දැනුම් දුන්නේ ය.
එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිණිය පැවසුවේ, ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කෝපරේශන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ගණකාධිකාරවරයෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.
එහිදී අනාවරණ වී ඇත්තේ, 2012 වසරේ සිට නිමල් පෙරේරාගේ ගිණුමකට ගෙවීමේ කටයුතු සිදුකර ඇති බවයි.
ඒ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව බවත්, අදාළ ගිණුමට අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලද සැනින් මුදල් බැර කර ඇති බවටත් විමර්ශන නිලධාරිණිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියෙකුගෙන් ලබාගත් ප්‍රකාශයක් මගින් නාමල්ගේ රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ගිය තවත් බැංකු ගිණුමකට අදාළව තොරතුරු අනාවරණය වී ඇතැයි ද, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරිණිය අධිකරණයට දැනුම් දුන්නාය.
අනතුරුව ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ නීතිඥ අමිල දිසානායක පසුගිය දින නාමල් රාජපක්ෂ හා සැකකාරියක වන ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීමට අදාළව ලිඛිත දේශන අධිකරණය හමුවට ඉදිරිපත් කළහ.
පළමු සැකකාර අමිත් කට්ටියාල් වෙනුවෙන් ජීවන්ත ජයතිලක පෙනී සිටිමින් ඔහුට වරෙන්තු නිකුත් නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, රෝගාතුරව සිටින සිය සේවා දායකයා නව දිල්ලි නුවරදී ප්‍රකාශ ලබාදීමට සූදානම් බවයි.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම් සම්බන්ධව පැමිණිල්ලේ ස්ථාවරය ඔක්තෝබර් 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් ඔක්තෝබර් 16 ඇප
නියෝගය ප්‍රකාශයට දින නියම කිරීමට පියවර ගත්තේ ය.
ජානකී සිරිවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඒ අනුවයි.
