අධික වැස්සෙන් පුද්ගලයින් 4,363කට පීඩා...

අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 17ක, පුද්ගලයින් 4,363කට පීඩා - ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය

by Staff writer 05-10-2026 | 8:55 AM

COLOMBO (News 1st) - අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 4,363 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 1,190 ක් පිරිස් ඒ අතරවන බවයි.

අධික වැසි සමග ඇතිවූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයිද, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර දිස්ත්‍රික්ක 12කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයින් 164,348 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 49,796 ක් ඒ අතර වන බවයි.