කටුනායකට ඉන්ධන ප්‍රවාහනයට නව නල මාර්ගයක් ...

මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා ඉන්ධන රැගෙන යන නව නලයක් එලීමේ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි...

by Staff writer 02-10-2026 | 9:03 AM

COLOMBO(News1st) - ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා ඉන්ධන රැගෙන යන නව නලයක් එලීමේ කටයුතු අද සිට ආරම්භ වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ රාජකරුණා පැවසුවේ, එම නලය කිලෝමීටර් 21ක  දිගින් යුතු බවයි.

මේ අතර කියුබීක් මීටර් 40,000ක ධාරිතාවයෙන් යුත් තෙල් ටැංකි 3ක ඉදිකිරීම්ද අද(02) ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.