.webp)

COLOMBO (News 1st) - රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝදවැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට අද පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13 ක් ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.
