.webp)
-624612.jpg)
ඔහු මෙරට කැසට් කලාවට මුල පිරුවේ, 1980 වසරේදී නන්දා මාලනී, ඩබ්ලිව් ඩී අමරදේව ඇතුලු ප්‍රධාන පෙළේ ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළත් කැසට් පට 25ක් එකවර ජනගත කරමින්.
80 - 90 දශකවල ආනන්ද ගනේගොඩ නිෂ්පාදනය කළ කැසට් පට හරහා මෙරට තුළ නවතම සංගීත සංස්කෘතියක් නිර්මාණය වුණි.
ඒ හරහා ඔහු මෙරට ගීත කලාවට දායාද කර ඇති ගීත සංඛ්‍යාව, 2000 ඉක්මවයි.
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ තාරකා ඇස් සහ ඩබ්.ඩී අමරදේවයන්ගේ අමර ගී රස, ආනන්ද ගනේගොඩ නිෂ්පාදනය කළ අවසන් LP තැටි දෙකයි.
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන ආනන්ද ගනේගොඩ ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 80ක්.
ඔහුගේ දේහය මහජන ගෞරවය සදහා, ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ අංක 179 / 2 නිවසේ තැන්පත් කර තිබේ.
