.webp)

මහ බැංකුව පවසන්නේ මෙම නියෝග 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ නිකුත් කර ඇති බවයි.
වත්කම් අත්හිටුවීමේ නියෝග දැනට ක්‍රියාත්මක සමාගම් වන්නේ,
1. Kasagala Green Plantation (Private) Limited
2. Ceylon Green Life Plantation (Private) Limited
3. Singhe Capital Investment Limited
4. Pro Shop Advertising Holdings (Private) Limited
5. Athens International Education Centre (Private) Limited
6. Eyon Lanka Investment & Film Production International Company (Private) Limited
යන සමාගම්ය.
මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ සමාගම් සම්බන්ධයෙන් නිකුත් කළ වත්කම් අත්හිටුවීමේ නියෝග පසුව කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර දීර්ඝ කර ඇති බවයි.
Kasagala Green Plantation සහ Ceylon Green Life Plantation යන සමාගම් සම්බන්ධයෙන් මූල්‍ය ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බවද මහ බැංකුව පවසයි.
එමෙන්ම අනෙකුත් සමාගම් හතර මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බවත්, මහජනතාවගෙන් තැන්පතු භාරගෙන ඇති බවත්, ඒවා මූල්‍ය ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තියට පටහැනිව සිදුකර ඇති බවට මහ බැංකුව විසින් තීරණය කර ඇති බවත් සඳහන් කර තිබේ.
මහ බැංකුව අවධාරණය කරන්නේ බැංකු පනත යටතේ හෝ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ මහ බැංකුව විසින් බලපත්‍ර ලබාදී ඇති ආයතනවලට හෝ අදාළ පනත්වලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනවලට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට නීත්‍යානුකූල අවසරය ඇති බවයි.
මහ බැංකුව වෙත ලැබී ඇති පැමිණිලි මත තවත් ආයතන සහ පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින් පවතින බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර, නීත්‍යානුකූලව බලපත්‍ර ලබා ඇති මූල්‍ය ආයතන සමඟ පමණක් මුදල් තැන්පත් කරන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අනවසර ආයතන වෙත මුදල් තැන්පත් කිරීම හේතුවෙන් මහජනතාවගේ උපයාගත් මුදල් අහිමි වීමේ අවදානමක් පවතින බවද මහ බැංකුව අනතුරු අඟවයි.
මූල්‍ය ව්‍යාපාර පනතට පටහැනිව මහජනතාවගෙන් තැන්පතු භාරගන්නා බවට සැක කෙරෙන ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව මහ බැංකුව වෙත තොරතුරු ලබාදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

