.webp)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඒ අතර වන බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට,
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට රතු නිවේදන නිකුත් කෙරිණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ, නොර්වුඩ්, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ කොත්මලේ බටහිරයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ද, නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරිණි.
ඊට අමතරව, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා අදියර එක සහ දෙක යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
