අධිවේගයේ ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්යයි.

අධිවේගයේ ගමන් කරන වාහනවල සියලු මගීන් ආසන පටි පැළඳීම අද(19) සිට අනිවාර්යයි. නීති කඩ කරන රියැදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ඇමති බිමල් රත්නායක

by Staff writer 19-09-2026 | 8:22 AM

COLOMBO(News1st) - අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන වල සියලු මගීන් ආසන පටි පැළඳීම, අද සිට අනිවාර්ය කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, නිෂ්පාදනයේදී ආසන පටි නොමැති වාහන වලට ඒවා සවි කරගැනීමට දුන් සහන කාලය ඊයේ අවසන් වූ බවයි.

ඒ අනූව ආසන පටි නීතිය කඩ කරන රියැදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, ඔහු ප්‍රකාශ කළේ ය.