සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ....

සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ....

by Staff writer 14-09-2026 | 9:23 AM

COLOMBO (NEWS 1ST) -  සුනඛයින් වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ.

පළාත් පාලන අමාත්‍යාංශය එය ප්‍රකාශයට පත්කර ඇත්තේ, ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරමිනි.

එලෙස සුනඛයින් ලියාපදිංචි නොකරන පුද්ගලයින් සඳහා රුපියල් 2,000 ක දඩයක් ද ඉන් නියම කර තිබේ.

ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීම ද, ඊට ඇතුළත්.

වසර 5 කට වරක් සුනඛ සංගණනයක් පැවැත්වීම ද, එම කමිටුවේ කාර්යයන් අතරට ඇතුළත් කර තිබේ.