අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

by Staff writer 13-09-2026 | 7:31 AM

COLOMBO(News1st) - අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේදී වැසි කිහිපයක් ඇතිවිය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.