එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අදින් ඇරඹෙයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අදින් ඇරඹෙයි..

by Staff writer 07-09-2026 | 8:59 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි නිත්‍ය සැසිවාරය අද (07) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ආරම්භ වේ.

මෙම සැසිවාරය අද සිට ලබන මස 07 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සැසිවාරයේ ආරම්භක දිනය වන අද දිනයේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අදහස් පළ කිරීමට නියමිතව ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක්ද මේ සතියේ සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි ක්‍රියාමාර්ග, සුඩානය, වෙනිසියුලාව සහ මැදපෙරදිග කලාපයේ පවතින මානව හිමිකම් අර්බුද සම්බන්ධයෙන් මෙවර සැසිවාරයේ විශේෂ අවධානයක් යොමු කරමින් වාර්තා සලකා බැලීම සහ යෝජනා සම්මත කරගැනීම සිදු කෙරෙනු ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්.