වගා හානි වෙනුවෙන් අද සිට වන්දි...

වියළි කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි වෙනුවෙන් අද සිට වන්දි...

by Staff writer 04-09-2026 | 10:39 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණය හේතුවෙන් වගා හානි සිදුවු ගොවින් සඳහා වන්දි මුදල් ගෙවීම අද සිට ආරම්භ කරන බව  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහ ආරච්චී පැවසුවේ, ඒ සඳහා රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර ඇති බවයි.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගා හානි වූ ගොවීන් සඳහා  රක්ෂණ වන්දි මුදල් අද බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

සෙසු  දිස්ත්‍රික්කවල වගා හානි සිදුවූ  ගොවීන් සඳහා ලබන 15 වැනි දිනට පෙර වගා හානි වන්දි ගෙවා අවසන් කරන බව ද ඔහු පැවසුවා.