සෙවනගල සේවකයින් අද කර්මාන්ත ඇමති හමුවෙයි...

සෙවනගල සීනි කර්මන්ත ශාලාවේ සේවකයින් හා ඇමති සුනිල් හඳුන්නෙත්ති අතර අද විශේෂ සාකච්ඡාවක්...

by Staff writer 03-09-2026 | 8:33 AM

COLOMBO (News 1st) - වැඩවර්ජනයේ නිරත සෙවනගල සීනි කර්මාන්තශාලා සේවකයින් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අතර අද (03) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ පවතින වැටුප් සහ දීමනා සම්බධයෙන් නිර්මාණය වී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ලංකා සීනි සමාගමේ සභාපති වසන්ත අතුල කුමාර පැවසුවේ, අදාළ සේවකයින් ගැටලු 4 ක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අතරට ගොවියන්ගේ හා සේවකයන්ගේ සුබසාධනයට, රුපියල් 80 බැගින් සීනි කිලෝ 5 ක් මාසිකව ලබා දීම සම්බන්ධයෙන් වන ගැටලුවද අයත්.

සභාපතිවරයා පැවසුවේ ඒ හේතුවෙන් මාසිකව සෙවනගල කර්මාන්තශලාවට රුපියල් ලක්ෂ 510 ක අලාභයක් වන සිදුවන බවයි.