එරාජ් ප්‍රනාන්දුගේ මළ සිරුර නිවසකින් සොයා ගැනේ..

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ මළ සිරුර ඔහුට අයත්නිවසක තිබී සොයා ගැනේ..

by Staff writer 02-09-2026 | 2:56 PM

COLOMBO(news1st) - හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ මළ සිරුර ඔහුට අයත් කොළඹ හැවුලොක් සිටි හි පිහිටි නිවසක තිබී සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඔහු ගෙල වැළලාගෙන සිවි නසා ගෙන ඇති බවට සැකකෙරෙන බවයි.

මියයන විට ඔහු 57 වන වියේ පසුවිය.

එරාජ් ප්‍රනාන්දු අවස්ථා දෙකකදීම  හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරය හෙබවූවේ ය.