තිරිඟු පිටි මිල අද සිට ඉහළට

තිරිඟු පිටි මිල අද සිට ඉහළට

by Staff writer 29-08-2026 | 12:18 PM

COLOMBO(News1st) - තිරිඟු පිටි මිල ගණන් අද(29) සිට ඉහළ නැංවීමට ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබේ.

ප්‍රීමා සමාගම පැවසුවේ විවිධ වර්ගවලට අයත් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15 සිට 20 දක්වා වූ මිල ගණන් යටතේ වැඩි කර ඇති බවයි.

සියලුම තිරිඟු පිටි වර්ගවල කිලෝග්‍රෑමයක මිල රුපියල් 20ක් ඉහළ දැමූ බව සෙරන්ඩිබ් සමාගම සඳහන් කළේය.