දින දෙකක් තුළ අධිවේගී මාර්ග ආදායම කෝටි 12 පනී.

දින දෙකක් තුළ අධිවේගී මාර්ග ආදායම කෝටි 12 පනී.

by Staff writer 28-08-2026 | 9:09 AM

COLOMBO(News1st) - පසුගිය දින දෙක තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 12.4 කට වැඩි ආදායමක් උපයාගෙන තිබේ.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ, දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිසක් තම ගමන් බිමන් සඳහා අධිවේගි මාර්ග භාවිත කර ඇති බවයි.

එම දින දෙක තුළ වාහන තුන්ලක්ෂ 25,316 ක් අධිවේගී මාර්ගය භාවිත කර තිබේ.

පසුගිය 25 සහ 26 දින දෙක තුළ වැඩිම රථවාහන ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර තිබුණි.

එම දින දෙක තුළ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම රුපියල් කෝටි 7.67 ක්.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයෙන් පසුගිය දින දෙක තුළ රුපියල් කෝටී 3.48 ක ආදායමක් ලැබී ඇතැයි ප්‍රවහන සහ මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ ය.

පසුගිය දින දෙක තුළ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ලැබී ඇති ආදායම රුපියල් කෝටී 1.29 ක්.