.webp)

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ආර්ථිකය සහ සාමාජීය තත්ත්වය ශක්තිමත් කිරීම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
"පුනරුදයේ පුරවර" ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ අනුව එහි පලමු වැඩසටහන රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ සහ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී අද පැවැත්වේ.
ක්ෂේත්‍ර ගණනාවකට අයත් ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් එම ආදායම් උත්පාදන වැඩසටහනට ඇතුළත්වන බව සඳහන් ය.
මේ යටතේ කායවර්ධන මධ්‍යස්ථාන,වෙළද සංකිර්ණ,කොන්ක්‍රිට් වැඩපළ, පානීය ජල ව්‍යාපෘති, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති, වී වේලන මධ්‍යස්ථාන, සංචාරක බංගලා, නිවාඩු නිඛේතන, වාහන සේවා මධ්‍යස්ථාන, යන ආදි වශයෙන් ව්‍යපෘති ආරම්භ කෙරෙනු ඇති.
