ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගිරුම් සහිත වැසි.

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගිරුම් සහිත වැසි.

by Staff writer 14-08-2026 | 9:59 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලට මිලිමීටර 75ට වැඩි වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.