ගල්අඟුරු ටෙන්ඩර් වැඩ කටයුතු අවසන් ඇමති කියයි...

ඉදිරි වර්ෂය සඳහා වූ ගල්අඟුරු ටෙන්ඩර් වැඩ කටයුතු අවසන් - බලශක්ති ඇමති

by Staff writer 13-08-2026 | 7:25 AM

COLOMBO (News 1st) - එළැඹෙන වර්ෂය සඳහා අවශ්‍ය ගල්අඟුරු ලබාගැනීමේ ටෙන්ඩර් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

ඔහු පැවසුවේ සැප්තැම්බර් පළමු සතියේ සිට නව ගල්අඟුරු තොග දිවයිනට ළඟාවීමට නියමිත බවයි.

ඒ හේතුවෙන් රට තුළ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

මෙම නව ක්‍රමවේදය යටතේ අදාළ පරීක්ෂණ වාර්තා සෘජුවම ලංකා ගල්අඟුරු සමාගම වෙත ලබාගැනීමට කටයුතු යොදා ඇති බැවින්, මැදිහත්කරුවන් මගින් සිදුවිය හැකි මූල්‍යමය හා තත්ත්ව වංචා සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකියි.